Saturday, August 13, 2011

Firefox 'about:config' tricks..



යාලුවනේ ඔයාල දන්නවද firefox වල about:config කියල තැනක් තියනව, එතනට ගිහින් අපිට සාමාන්‍යයෙන් කරන්න බැරි advance settings විශාල ප්‍රමාණයක් කරගන්න පුලුවන්...
ඉතින් මේ විශාල ප්‍රමාණය අතරින් මමත් අත්හදා බලපු settings 12ක් පහතින් දැක්වෙනව. බලන්න ඔයාලටත් ප්‍රයෝජනවත් වේවිද කියල .. :)

ඔක්කොටම කලින් එතෙන්ට යන්න එපැයි, ඒකට address bar එකේ about:config කියල type කරල enter ඔබන්න..
මීලඟට එන warning message එකේ “I’ll be careful, I promise!” ( බය නැතුව :p ) click කරන්න (රූපය 3 )



සැ.යු- මෙම config settings වෙනස් කිරීමට පෙර සැලකිලිමත් වෙන්න. මන්ද මෙහිදී ඔබ අතින් යම් වැරැද්දක් සිදු වුවහොත් firefox බ්‍රව්සරයට හානි විය හැකි බැවිනි.

මෙන්න settings 12..

1.firefoxහි URL ,suggetions ගණන වැඩි හෝ අඩු කිරීම..

අපි යම් කිසි URL එකක් address bar එකෙහි type කරනකොට එන suggetions ගණන මෙමගින් අඩු හෝ වැඩි කරගන්න පුලුවන්. සාමාන්‍යයෙන් මෙහිදී එන උපරිම suggetions ගණන 12යි.
මෙම ගණන වෙනස් කිරීමට about:config menu එකෙහි browser.urlbar.maxRichResults යටතේ ඇති value වල අගය ඔබට අවශ්‍ය අගයට වෙනස් කර ගන්න (අගය උඩ right click>> modify).
කිසිදු suggetion එකක් අනවශ්‍ය නම් ඒ සඳහා -1 ලබාදෙන්න

Config name: browser.urlbar.maxRichResults
Default: 12
Modified value: ඔබට කැමති අගයක්..

2. session restore function එක නවතා දැමීම..

current ගියපු වෙලාවට හරි OS එක අවුල් වුන වෙලාවට හරි firefox crash වෙලා ඊලඟ වතාවෙ open කරාම close වුන pages වලට යන්න session restore කියල function එකක් තියනව අපි කවුරුත් දන්නවනේ.
හබැයි මේක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. එත් අකමැති අයත් ඇතිනේ. එයාලට මේ එක නැති කරගන්න ක්‍රමයක් තියනව.
ඒකට about:config menu එකෙහි browser.sessionstore.enabled යටතේ ඇති value වල අගය false වලට හරවන්න ( true උඩ right click>> toggle)..

Config name: browser.sessionstore.enabled
Default: True
Modified value: False


3. Session Restore Saving Frequency එක වෙනස් කිරීම..

මේක නම් session restore function එකට කැමති අයට. සාමාන්‍යයෙන් ff අපි වැඩකරන session එක save කරන්නෙ තත්පර 10න් 10ට. ඉතින් කාටහරි හිතෙනවනම් session එක save කරන කාල පරතරය ඉක්මන් හෝ ප්‍රමාද වැඩියි කියල. ඒකත් අපිට වෙනස් කරගන්න පුලුවන්.
ඒකට about:config menu එකෙහි browser.sessionstore.interval යටතේ ඇති value වල අගය අඩු හෝ වැඩි කරන්න

Config name: browser.sessionstore.interval
Default: 10000 (මිලි තත්පර වලින්)
Modified value: ඔබට කැමති අගයක්. ( 1000= තත්පර1යි , 6000= විනාඩි 1යි)


4.ටැබයක පළල සැකසීම.. (මෙය ff 4.0 හා ඉහල සංස්කරණ සඳහා වලංගු නොවේ..)


අපි firefox එකෙන් විශාල ටැබ් ප්‍රමාණයක් open කරනකොට සියලු ටැබ් වල පළල ක්‍රමයෙන් කුඩා වෙනවනේ, හැබැයි මේ කුඩා වීමෙත් උපරිමයක් තියනබව කවුරුත් දැකල ඇති,
අපි තවදුරටත් ටැබ් කරනකොට කලින් තිබූ ටැබ් තිරයේ නොපෙනී යනව. නොපෙනී ටැබ් වලට යන්නනම් ඉතින් දෙපත්තෙ තියන කුඩා ඊ හිස් භාවිතා කරන්න වෙනව. ඒත් ඉතින් ගොඩක් දෙනෙක්ට මේ වැඩේ කරදරයක්.
about:config භාවිතා කරල මේ කරදරයෙනුත් නිදහස් වෙන්න පුලුවන්..
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහිbrowser.tabs.tabMinWidth යටතේ ඇති value වල අගය 100ට වඩා කුඩා අගයකට පත්කිරීම. එවිට ටැබ් වල තිබිය හැකි අවම පළල කලින් තිබූ අගයට වඩා අඩු කරගන්න පුලුවන්
මෙහි අගය 0ට පත් කලහොත් අප විසින් ටැබ් කොපමණ ප්‍රමාණයක් open කලද ඒ සියල්ල තිරයේපෙන්වයි.

Config name: browser.tabs.tabMinWidth
Default: 100
Modified value:

0- සියලු ටැබ් තිරයේ පෙන්වීමට
100ට අඩු අගයක්- ටැබ් වල තිබිය හැකි අවම පළල කලින් තිබූ අගයට වඩා අඩු කර ගැනීමට


5.ටැබ් වල close button එක පෙන්වීම සහ සැඟවීම..

සාමාන්‍යයෙන් firefox ටැබ් වල close button එක (x) පෙන්වන්නෙ අපි දැනට සිටින ටැබ් එකේ විතරයි. මේ නිසා අපේ ටැබ් groupe එක තුල ඇති වෙනත් ටැබ් එකක් ඉක්මනින් close කරගන්න අමාරුයි.
සමහරු නම් තමන් දැනට සිටින් ටැබ් එකේවත් close button එක තියනවට කැමති නෑ. මොකද හදිසියෙවත් click උනොත් ටැබ් එක close වෙන නිසා, මේ ඔක්කොම ප්‍රශ්න වලටත් about:config වල විසඳුමක් තියනව.
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.tabs.closeButtons යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.tabs.closeButtons
Default: 1
Modified values:

0 – අපි දැනට සිටින ටැබ් එකෙහි පමණක් close button එක දිස්වීමට
1- සියලු ටැබ් වල close button එක දිස්වීමට
2- සියලු ටැබ් වල close button එක දිස්නොවීමට
3- අපි දැනට සිටින ටැබ් එකෙහි පමණක් close button එක පැත්තකින් දිස්වීමට


6.JavaScript Popups අලුත් windows වලින් open නොකර ටැබ් වලින් open කිරීමට..

අපි සමහර sites වලට ගියාම ඇතැම් JavaScript Popups අලුත් windows වලින් නේ වෙන්නෙ, සමහර අයට මේක වධයක් වෙලා ඇති. ඒත් මේ සියලු Popups තමන් දැනට සිටින firefox window එකෙහිම අලුත් ටැබ් වලින් open කරගන්න ක්‍රමයක් තියනව,
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.link.open_newwindow.restriction යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.link.open_newwindow.restriction
Default: 2
Modified values:

0 – සියලුම Popups අලුත් windows වලින් open වීමට
1 – සියලුම Popups අලුත් ටැබ් වලින් open වීමට
2- Popups, JavaScript එක සඳහන් කරන ආකාරයට open වීමට (අලුත් window එකකින් හෝ ටැබ් එකකින්)


7.search box ප්‍රතිඵල අලුත් ටැබ් එකකින් open කිරීමට..

සාමාන්‍යයෙන් firefox හි search box ( address bar එකට වම් පැත්තෙන් ඇති ) එකෙන් එන ප්‍රතිඵල පෙන්නන්නෙ අපි දැනට සිටින් ටැබ් එකෙහිමයි. මේකත් සමහර වෙලාවට අපිට කරදරයක් මොකද මේ ප්‍රතිඵල නිසා අපි දැනට සිටින ටැබ් එකෙහි තියන එව්ව නැති වෙන නිසා.
මේකෙන් ගැලවෙන්න කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.search.openintab යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න විතරයි.

Config Name: browser.search.openintab
Default: False
Modified value: True (search box ප්‍රතිඵල අලුත් ටැබ් එකකින් open වීමට)


8.URL bar එක click කල සැනින් එහි ඇති URL එක සම්පූර්ණයෙන් select වීමට..

windowa/mac භාවිතා කරන අයට මේ ප්‍රශ්නය එන්නෙ නෑ, එහෙත් linux භාවිතා කරන අයටනම් පොඩි ගැටලුවක් තියනව. මොකද linux වලදි firefox වල මෙලෙස URL bar එක click කලාම එහි ඇති URL එක සම්පූර්ණයෙන් select නොවීම.
මේක හදන්න කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.urlbar.clickSelectsAll යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න විතරයි.

Config name: browser.urlbar.clickSelectsAll
Modified value:

False – cursor එක ස්ථානගත කිරීමට
True – සම්පූර්ණ URL එක select කිරීමට


9.සියලු sites වලට එකම zoom level එකක් තබාගැනීමට..

firefox වල සාමාන්‍යයෙන් සියලු sites වල අපිට එකම zoom level එකක් තබාගන්න බැහැ. එහෙම එකම zoom level එකක් තබා ගැනීමට ඔබට අවශ්‍ය නම් ඒකටත් පිළියමක් තියනව.
මේකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.zoom.siteSpecific යටතේ ඇති value වල අගය False ලෙස වෙනස් කරන්න විතරයි.

Config name: browser.zoom.siteSpecific
Default: True
Modified value: False (සියලු sites වල එකම zoom level එකක් තබාගැනීමට)


10.Backspace button එක අවශ්‍ය පරිදි සකසා ගැනීම..

about:config භාවිතාකර backspace button එක අපට අවශ්‍ය පරිදි සැකසුම් කිහිපයකට වෙනස් කරන්න පුලුවන්.
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි browser.backspace_action යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි.

Config name: browser.backspace_action
Default: 0
Modified value:

0 – පෙර පිටුවට යාමට
1- පිටුවේ ඉහලට යෑමට
2-කිසිවක් නොවීමට


11.Toolbar (හෝ tab bar එක) එක autohide වීම නවතා දැමීම..

Firefox full screen ගියාම toolbar එක auto hide වීම කරදරයක් බව කාටත් හිතිල ඇති. මොකද එතහොට screen එක එකපාරට ගැස්සිලා වෙනස් වෙන නිසා. සමහර වෙලාවට මේක ඇස් දෙකටත් අමාරුයි. ඉතින් මේකෙන් ගැලවෙන්නත් ක්‍රමයක් තියනව
ඒකට about:config menu එකෙහි browser.fullscreen.autohide යටතේ ඇති value වල අගය True ලෙස වෙනස් කරන්න. හරි ලේසියි :)

Config name: browser.fullscreen.autohide
Default: True ( toolbar එක autohide වීමට)
Modified value: False (toolbar එක autohide නොවීමට)


12.Toolbar (හෝ tab bar එක) එක show/hide වීමේදී සිදුවන animation එක නවතා දැමීමට..

මේකනම් වැදගත් වෙන්නෙ firefox full screen mode එකේදි toolbar එක autohide වීම කැමති අයට. මෙහිදී හොඳින් බලන අයෙකුට මෙම toolbar එක hide වෙනකොටත් නැවත show වෙනකොටත් පොඩි animation එකක් වෙනව දකින්න පුලුවන්. ඉතින් මේ animation එකට අකමැති අයට, ( අත්තම කිව්වොත් මේ animation එක මාර slow ) මේක නවතා දමන්නත් පුලුවන්
ඒකට කරන්න තියෙන්නෙ about:config menu එකෙහි Browser.fullscreen.animateUp යටතේ ඇති value වල අගයන් පහත පරිදි වෙනස් කරන්න විතරයි. :D

Config name: Browser.fullscreen.animateUp
Default: 1
Modified value:

0 -animation එක නවතා දැමීමට
1-එක්වරක් පමණක් animate වීමට
2- සෑමවිටම animate වීමට



මම හිතනව මේ විස්තර ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියල..
විස්තර ටිකනම් හොයාගත්තෙ අන්තර්ජාලයෙන්..

දැන් ඉතින් firefox වෙබ් බ්‍රව්සරය වෙනදාට වඩා පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්.. :)


ඉතින් හොඳ නරක කියල comment එකක් දාන්නත් අමතක කරන්න එපා. :D :D
ඊලඟ post එකෙන් ඉක්මනට හමුවෙමු..

No comments:

Post a Comment