Saturday, August 13, 2011

Firefox කෙටි යෙදුම්

Firefox කෙටි යෙදුම්

firefox 5.xx ත් ආවනේ ලඟදිම 6ත් ඒවි.. ඉතින් මට හිතුන ගැන හොඳ විස්තර ටිකක් post එකකට දාන ඕන කියල කාටත් දැනගන්න. වැඩි කතා ඕන නෑ. මොකද මේ post එක පොඩ්ඩක් විතර දිගයි. අපි බලමු...
firefox 5 එක්ක ආපු awesome bar ගැන කවුරුත් දන්නවනේ. awesome bar කියන්නෙත් ඉතින් address bar එකටම තමයි හබැයි මේකෙ පොඩි විශේෂත්වයක් තියනව.බලමු මොක්කක්ද කියල..
ඔබට යන්න අවශ්‍ය website එකේ url එක හරියටම මතක නැත්නම් ඒ urlඑකේ කොටසක් address bar එකේ type කරාම suggsions එන බව කවුරුත් දන්නවනේ, firefox වල awesome bar එකේ විශේෂත්වය නම් මේ address bar එකේ අපි එකෙහි type කල අකුර හෝ වචනය suggesions වල මුලින් විතරක් නෙමයි, කොතැනකහෝ (මුල මැද හෝ අග ) තිබිය හැකි වීම. තවද මේ suggesions අපගේ history, bookmarks වලින් විතරක් නෙමෙයි, දැනට විවෘත කරල තියන අනෙකුත් ටැබ් වල තියන url වලිනුත් ඒම. ඉතින් මේ ක්‍රමය නිසා ඉක්මනින් webpages, bookmarks වලට යාමට පමණක් නෙමෙයි, ඉක්මනින් ටැබ් අතරෙ මාරු වීමටත් වැඩි පහසුකමක් ඔවුන් සලසා දී තියනව. (රූපය 1 )



firefox 5 දී ටැබ් group කිරීමටත් පහසු ක්‍රමයක් ඔවුන් සලසා දී තිබෙනව. Ctrl+Shift+E එබීමෙන් ඔබටත් මෙය අත්හදා බැලිය හැකියි.. (රූපය 2 )



Firefox tricks..

1.වැඩි ඉඩක් සඳහා firefox icons කුඩා කරන්න
[options>> toolbar layout>> 'use small icons' box එකට හරිය දාන්න]

2.Keyboard කෙටිමං..

Spacebar (පිටුවේ පහලට යෑම)
Shift-Spacebar (පිටුවේ ඉහලට යෑම)
Ctrl+F (සෙවීම-find)
Alt-N (ඊලඟ සෙවීම-find next)
Ctrl+D (පිටුව bookmark කිරීම)
Ctrl+T (අලුත් ටැබයක් විවෘත වීම)
Ctrl+K ( search box වෙත යෑම)
Ctrl+L (address bar වෙත යෑම)
Ctrl+= (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය විශාල කිරීම- zoom in)
Ctrl+- (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය කුඩා කිරීම- zoom out)
Ctrl-W (ටැබය වැසීම)
F5 (පිටුව reload කිරීම)
Alt-Home (home page වෙත යෑම)

ටැබ් හරහා ගමන් කිරීමට keyboard කෙටිමං..

Ctrl+Tab (එකලඟ ඇති tab එකකින් tab එකකට මාරු වීම- ඉදිරියට)
Ctrl+Shft+Tab (එකලඟ ඇති tab එකකින් tab එකකට මාරු වීම- පසුපසට)
Ctrl+1සිට9 (අංක 1 සිට 9 තෙක් ඇති tab වලට මාරුවීම)


Auto-complete අංගය සඳහා keyboard කෙටිමං..

මේකත් ඉතාමත් වැදගත් අංගයක්..
අපි හිතමු අපිට www.facebook.com වෙත යන්න ඕන කියල, අපිට සම්පූර්ණයෙන් address bar එකේ www.facebook.com කියල type කරන්න ඕන නෑ. කරන්න තියෙන්නෙ
facebook කියල ( URL body එක විතරක් ) type කරල Control-Enter ඔබන්න විතරයි. එවිට www. හා .com ඉබේ fill වෙලා අදාල site එකට යනව, ඉතාමත් පහසුයි. මෙන්න ඒ සඳහා කෙටිමං..

.com addresses සඳහා Control-Enter
.net addresses සඳහා Shift-Enter
.org addresses සඳහා Control-Shift-Enter.


Address bar history delete කිරීමට keyboard කෙටිමග..

address bar එක අයිනෙ පහලට තියන ඊතලය click කලාම අපි කලින් ගිය sites වල URL පෙන්නනවනේ. ඉතින් එතන තියන අපිට අනවශ්‍ය URL, delete කරගන්නනම් කරන්න තියෙන්නෙ mouse poiter එක
කිරීමට අවශ්‍ය URL එක උඩට ගෙනියල ( highlight වීමන් පසු ) keybord එකේ delete button එක ඔබන්න විතරයි.


3.Mouse කෙටිමං..

link එකක් උඩ middle click (අලුත් ටැබයකින් එම link එක විවෘත වීම)
Shift-scroll down (කලින් පිටුවට යෑම)
Shift-scroll up (ඉදිරි පිටුවට යෑම)
Ctrl-scroll up (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය කුඩා කිරීම- zoom out)
Ctrl-scroll down (වෙබ් පිටුවේ අකුරුවල ප්‍රමාණය විශාල කිරීම- zoom in)
tab එකක් උඩ middle click ( ටැබය වැසීම)

No comments:

Post a Comment